කොරෝනා වැළදුනු පියෙකු නිසා පාසලේ පන්ති හතරක් වහයි

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අවස්ථාවට කොරෝනා ආසාදිත පියෙකු සහභාගි වීම නිසා එම විද්‍යාලයේ පන්ති හතරක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත මෙලෙස වසා ඇත්තේ පදියතලාව දිඝායු දිසානායක විදුහලයි.
 
පසුගිය 11 වැනිදා පදියතලාව තපස්සිකයාය පිහිටි තම නිවසට නිවාඩුවක් සඳහා කොළඔ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ මෙම ආසාදිත නාවුක සෙබළා පැමිණ ඇත.පදියතලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පසුගිය 15 වැනිදා මෙම සෙබළාගේ අහඹු පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර ඇති අතර ඊයේ (18 දා) උදේ මෙම සෙබළා ආසාදිතයකු බවට තහවුරු වී ඇත.
 
පසුගිය 15 සහ 17 වැනිදා දිනවල මෙම සෙබළා මෙම විද්‍යාලයට පැමිණ ඇති අතර පදියතලාව දිඝායු දිසානායක විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ පන්ති තුනක් සහ මෙම සෙබළා ගමන් කළ 3 වැනි ශ්‍රේණියේ පන්තියක් තාවකාලිකව වසා ඇති බව වාර්තාවේ.