පසුගිය සදුදා (15) දින සිය සේවා කටයුතු නිමවීමෙන් පසුව නිවසට යාම සදහා බස්රථයකින් කැකිරාව ප්‍රදේශය බලා යමින් සිටියදි බස් රථය තුළම උතුරැ මැද පළාත් සභා ලේකම් කාර්යාලයේ සේවය කළ කාර්යාල කාර්ය සහායකයෙකු මියගොස් තිබෙනවා.පසුව කළ පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ඔහු කොවිඩ් රෝගය හේතුවෙන් මිය ගොස් ඇති බවයි.
උතුරැ මැද පළාත් සභා ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරින් 25 දෙනෙකු ඊයේ (17) දින සිට නිරෝධායනයට ලක්කළ බවයි වාර්තා වන්නේ.මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර ඇටවීරවැව,මරදන්කඩවල, කැකිරාව යන ලිපිනයේ පදිංචිව සිටි 29 හැවිරිදි එක්දරැ පියෙකි.
