කොරෝනා එන්නත මැති ඇමති පවුල්වලට හොරෙන් විදලා – හේෂා විතානගේ

කැබිනට් ඇමැතිවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද ​හොර රහසේ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී​ හේෂා විතානගේ පවසයි.විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම චෝදනාව එල්ල කලා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“පෙරේදා (16 වැනිදා) තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ එන්නත ලබාදෙන්න කියලා නිල වශයෙන් කිව්වේ. මේ එන්නත ලබාගන්න ආපු අයගේ නම් ජනමාධ්‍ය පෙන්නුවා. නමුත් කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් උදය ගම්මන්පිල මහත්තයාගෙන් අහනවා ‘ඔබතුමාත් මේක ලබාගත්තද?’ කියලා. එතුමා කියනවා ‘ඔව්’ මම ලබාගත්තා කියලා. හැබැයි මාධ්‍ය මගින් කියපු ලැයිස්තුවේ එතුමාගේ නම තිබුණේ නැහැ. ඒ නිසා අපි අනුමාන කරනවා මේ වෙනකොට කැබිනට් ඇමැතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල බිරින්දෑවරුන්ට සහ ළමයින් ​හොර රහසේ මේක ලබාගෙන තියෙනවා කියලා. මාධ්‍යට හෙළිකරන ලැයිස්තුවේ මේ කට්ටියගේ නම් නැහැ. මේක සදාචාරාත්මකද? ඒ නිසා ප්‍රභූවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හොර රහසේ එන්නත ලබාදීමේ ක්‍රියාවලියෙන් ආණ්ඩුව ඉවත්විය යුතුමයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09