රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය සදහා දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් සියෝග් මහතා පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙරට තුළ ආයෝජන අවස්ථා සඳහා කොරියාවේ ප්‍රධාන පෙළේ සමාගම් දිරිගන්වන ලෙස ද ජනාධිපතිවරයා එහිදි සියෝග් මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.
එමෙන්ම දකුණු කොරියාවේ ශ්‍රම වෙළෙඳපොළෙහි වැඩි අවස්ථාවක් මෙරට ශ්‍රමිකයින්ට ලබාදෙන ලෙස කළ ඉල්ලීම ඉටුකිරීමට පියවර ගන්නා බව ද සියෝග් මහතා එහිදි ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව ජනාධිපති මාධ්යර අංශය පැවසීය.
මෙරට වෘත්තීය පුහුණු අවස්ථා දියුණු කරගැනීමට කොරියානු රජයේ ආධාර ලබාදීමටත් දකුණු කොරියානු කථානායකවරයා එහිදි එකඟතාව පළකර තිබේ.