කොරියානු රැකියා සඳහා මෙවර 6500ක රැකියා කෝටාවක්

2023 වර්ෂයේ කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලංකාව වෙත අවස්ථා 6500ක් ලැබී තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මෙරටට 2022 වසරේ දී ලැබී තිබුණේ 5047 රැකියා කෝටාවක් පමණයි.

ඒ අනුව ගතවූ වසරට වඩා 28.79%කින් රැකියා අවස්ථා ප්‍රමාණය වර්ධනය වී ඇති අතර මෙම වර්ෂය සඳහා ගිය වසරට සාපේක්ෂව නව රැකියා අවස්ථා 1453ක් ලැබී තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා කොරියානු රැකියා සඳහා ඉතිහාසයේ ලද වැඩි ම රැකියා අවස්ථා ප්‍රමාණය ලෙසටයි සැලකෙන්නේ.

මෙම රැකියා අවස්ථා 6500 සඳහා අයදුම්කරුවන් 14588කට පොරොත්තු ලේඛණයේ රැඳී සිටීමට අවස්ථාව සලසා දී ඇති අතර, ඒ නිෂ්පාදන අංශය 12189ක්, ධීවර අංශය 2149ක් සහ ඉදිකිරීම් අංශයේ 250ක් ලෙසින්.

පසුගිය වසරේදී 5047ක රැකියා කෝටාවක් ලැබී තිබුණත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් දිගින් දිගටම කරනු ලැබූ ඉල්ලීම් අනුව ශ්‍රමිකයින් 6639 දෙනෙක් පිටත් කර යැවීමට හැකියාව ලැබී තිබුණා.

ඒ අනුව මෙම වසරේදී ලැබී තිබෙන රැකියා කෝටාව ඉක්මවා යන ශ්‍රමිකයින් පිරිසක් මේ වසරේදී පිටත් කර යැවීමට හැකියාව ලැබෙනු ඇති බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27