කොරියානු රැකියා කෝටාව වැඩි කිරීමට එකඟත්වයක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ කොරියානු කථානායකවරයා අතර සාකච්ඡාවක් කොරියාවේදී පැවැත්වුණා.

පුහුණු ශ්‍රමිකයන් සඳහා අවශ්‍ය පුහුණුව කොරියාවේ මැදිහත්වීමෙන් මෙරටදී ලබා දීමට සහ කෝටාව වැඩි කිරීමට මෙහිදී එකඟත්වය පළවූ බවයි පාර්ලිමේන්තුවේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මෙරට ග්‍රාමීය කෘෂිකර්මාන්තය සංවර්ධනය සඳහා මෙන්ම කොරියානු රාජ්‍ය සේවය හා සමාන දියුණු රාජ්‍ය සේවයක් ඇති කිරීමට අවශ්‍ය මගපෙන්වීම සහ දැනුම මෙරටට ලබා දීමට ද එකඟත්වය පලවී තිබෙනවා.

එමෙන්ම මෙරටට පැමිණෙන කොරියානු සංචාරකයන් සදහා ඉදිරියේදී නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

කොරියානු රැකියා සදහා වැඩි වශයෙන් පුහුණු ශ්‍රමිකයන් යැවීමට අවශ්‍ය පුහුණුව කොරියාවේ මැදිහත්වීමෙන් මෙරටදීම ලබා දීමටත් පුහුණු ශ්‍රමිකයන් සදහා ලබා දී ඇති කෝටාව තවදුරටත් වැඩි කිරීමට පියවර ගන්නා බව කොරියානු කථානායක ගරු කිම් ජින් පියෝ (Kim Jin-pyo) මහතා මෙරට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සහතික වී තිබෙනවා.

කොරියානු කථානායකවරයාගේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරතව සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (03) කොරියාවේ සෝල් නගරයේ පිහිටි එරට ව්‍යවස්ථාදායකය වන කොරියානු ජාතික රාජ්‍ය සභාවේදී එරට කථානායකවරයා හමුවී සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනුයි කොරියානු කථානායකවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

දැනට 20000කට අධික මෙරට ශ්‍රමික පිරිසක් කොරියාවේ සේවය කරන අතර ‍පුහුණු ශ්‍රමිකයන් සදහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති කෝටාව ක්‍රමයෙන් වැඩිකළ බවත් එරට කථානායකවරයා පෙන්වා දී තිබෙනවා.

දශක පහකට ආසන්න කාලයක් මුළුල්ලේ පවතින ශ්‍රී ලංකා කොරියා ද්වීපාර්ශවීය සබදතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට ඉදිරියේදීත් කැපවන බවටයි දෙරටේ කථානායකවරු මෙහිදී සහතික වූයේ.

මෙරට ග්‍රාමීය කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කොරියාවේ සාර්ථකව ක්‍රියාත්මක ස්මාට් ගොවිතැන් සංකල්පය (Smart Farming) මෙරට ස්ථාපිත කිරීම සඳහා සහාය පළ කිරීමට ද මෙහිදී එකඟත්වය පළ වී තිබෙනවා.

කොරියාවේ මේවන විට පවතින දියුණු රාජ්‍ය සේවය හා සමාන තත්ත්වයකට මෙරට රාජ්‍ය සේවය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම හා දැනුම ලබා දීමට ද මෙහිදී කැමැත්ත පළ වුණා. කොරියානු ජාත්‍යන්තර නියෝජිතායතනය (KOICA) හරහා ඒ සඳහා අවශ්‍ය පුහුණුව මෙරට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු රාජ්‍ය සේවයට ලබා දීමට ඉදිරියේදී කටයුතු සම්පාදනය කිරීමටයි මේ අනුව තීරණය වී ඇත්තේ.

මෙරට කොරියානු ආයෝජන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වුණා. ආයෝජන සඳහා වඩාත් හිතකර පරිසරයක් තවදුරටත් ඇති කිරීමේ අවශ්‍යතාව පෙන්වාදුන් කොරියානු කථානායකවරයා පැවසුවේ මෙරට කොරියානු ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි.

තවද සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා මෙරටට පැමිණෙන රටවල් කිහිපයක සංචාරකයන්ට නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනට කොරියාව ද ඇතුළත් කිරී‍ම සම්බන්ධයෙන්ද ඉදිරියේදී සළකාබලන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
5
+1
3
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?