කොරියානු රැකියා කෝටාව වැඩි කිරීමට එකඟත්වයක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ කොරියානු කථානායකවරයා අතර සාකච්ඡාවක් කොරියාවේදී පැවැත්වුණා.

පුහුණු ශ්‍රමිකයන් සඳහා අවශ්‍ය පුහුණුව කොරියාවේ මැදිහත්වීමෙන් මෙරටදී ලබා දීමට සහ කෝටාව වැඩි කිරීමට මෙහිදී එකඟත්වය පළවූ බවයි පාර්ලිමේන්තුවේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මෙරට ග්‍රාමීය කෘෂිකර්මාන්තය සංවර්ධනය සඳහා මෙන්ම කොරියානු රාජ්‍ය සේවය හා සමාන දියුණු රාජ්‍ය සේවයක් ඇති කිරීමට අවශ්‍ය මගපෙන්වීම සහ දැනුම මෙරටට ලබා දීමට ද එකඟත්වය පලවී තිබෙනවා.

එමෙන්ම මෙරටට පැමිණෙන කොරියානු සංචාරකයන් සදහා ඉදිරියේදී නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

කොරියානු රැකියා සදහා වැඩි වශයෙන් පුහුණු ශ්‍රමිකයන් යැවීමට අවශ්‍ය පුහුණුව කොරියාවේ මැදිහත්වීමෙන් මෙරටදීම ලබා දීමටත් පුහුණු ශ්‍රමිකයන් සදහා ලබා දී ඇති කෝටාව තවදුරටත් වැඩි කිරීමට පියවර ගන්නා බව කොරියානු කථානායක ගරු කිම් ජින් පියෝ (Kim Jin-pyo) මහතා මෙරට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සහතික වී තිබෙනවා.

කොරියානු කථානායකවරයාගේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරතව සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (03) කොරියාවේ සෝල් නගරයේ පිහිටි එරට ව්‍යවස්ථාදායකය වන කොරියානු ජාතික රාජ්‍ය සභාවේදී එරට කථානායකවරයා හමුවී සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනුයි කොරියානු කථානායකවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

දැනට 20000කට අධික මෙරට ශ්‍රමික පිරිසක් කොරියාවේ සේවය කරන අතර ‍පුහුණු ශ්‍රමිකයන් සදහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති කෝටාව ක්‍රමයෙන් වැඩිකළ බවත් එරට කථානායකවරයා පෙන්වා දී තිබෙනවා.

දශක පහකට ආසන්න කාලයක් මුළුල්ලේ පවතින ශ්‍රී ලංකා කොරියා ද්වීපාර්ශවීය සබදතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට ඉදිරියේදීත් කැපවන බවටයි දෙරටේ කථානායකවරු මෙහිදී සහතික වූයේ.

මෙරට ග්‍රාමීය කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කොරියාවේ සාර්ථකව ක්‍රියාත්මක ස්මාට් ගොවිතැන් සංකල්පය (Smart Farming) මෙරට ස්ථාපිත කිරීම සඳහා සහාය පළ කිරීමට ද මෙහිදී එකඟත්වය පළ වී තිබෙනවා.

කොරියාවේ මේවන විට පවතින දියුණු රාජ්‍ය සේවය හා සමාන තත්ත්වයකට මෙරට රාජ්‍ය සේවය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම හා දැනුම ලබා දීමට ද මෙහිදී කැමැත්ත පළ වුණා. කොරියානු ජාත්‍යන්තර නියෝජිතායතනය (KOICA) හරහා ඒ සඳහා අවශ්‍ය පුහුණුව මෙරට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු රාජ්‍ය සේවයට ලබා දීමට ඉදිරියේදී කටයුතු සම්පාදනය කිරීමටයි මේ අනුව තීරණය වී ඇත්තේ.

මෙරට කොරියානු ආයෝජන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වුණා. ආයෝජන සඳහා වඩාත් හිතකර පරිසරයක් තවදුරටත් ඇති කිරීමේ අවශ්‍යතාව පෙන්වාදුන් කොරියානු කථානායකවරයා පැවසුවේ මෙරට කොරියානු ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි.

තවද සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා මෙරටට පැමිණෙන රටවල් කිහිපයක සංචාරකයන්ට නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනට කොරියාව ද ඇතුළත් කිරී‍ම සම්බන්ධයෙන්ද ඉදිරියේදී සළකාබලන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
5
+1
3
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27