කොරියානු රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීමට අවබෝධතා ගිවිසුමක් (වීඩියෝ)

කොරියානු නැව් ඉදිකිරීම් රැකියා සඳහා ශ්‍රී ලංකික පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම ඉලක්ක කර ගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය සහ කොරියානු ක්ලූලයිෆ් ආයතන අතරයි.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදු කෙරුණේ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසීස්, ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය වෙනුවෙන් එහි පාලක සභාවේ ලේකම් ප්‍රසාද් ජයවීර, කොරියානු ක්ලූලයිෆ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන් යුං ලිම් යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

මෙම අවබෝධතා ගිවිසුම අනුව කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා වන ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිතයි.

නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙල්ඩින් රැකියා සඳහා මූලික අදියරේදී ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිත අතර දෙවැනි අදියරේදි නැව් පින්තාරු පුහුණුව සහ ඉලෙට්‍රිකල් පුහුණුව ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන්ට කොරියානු භාෂා පුහුණුව ලබාදීම ද මෙහිදී සිදු කෙරෙනවා.

ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය පුහුණුව සඳහා අවශ්‍ය පහසුකම් සපයන අතර කොරියානු ක්ලූලයිෆ් ආයතනය විසිනුයි පුහුණු කිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ.

ඒ සඳහා වන කොරියානු පුහුණුකරුවන් ද එම ආයනය විසින් සම්බන්ධීකරණය කිරීමට නියමිතයි.

පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන් කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා සඳහා යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සහ රැකියා කෝටාවන් ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමට සැලසුම් සකස් කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අදාළ පුහුණු කටයුතුවල ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා වන අධීක්ෂණ කටයුතු සිදු කරනු ඇති.

https://www.youtube.com/watch?v=E5I-kFZJTMk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?