කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයේ අයදුම්පත් නිකුත් කිරීම ලබන 04 වනදා සිට

2023 වර්ෂයට අදාළව පැවැත්වෙන කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම්පත් ලබන ඔක්තෝම්බර් මස 04 වනදා සිට 06 වනදා දක්වා නිකුත්කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ, අනුව අදාළ අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ නිකුත් කරන බවයි එම කාර්යාංශය දැනුම් දෙන්නේ.

මෙම පරීක්ෂණය සඳහා සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය www.slbfe.lk යන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ පළකර තිබෙනවා.

නිෂ්පාදන, ඉදිකිරීම් සහ ධීවර යන රැකියා ක්ෂේත්‍රවලට අදාළව ලබන නොවැම්බර් මාසයේ දී මෙම කොරියානු භාෂා පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

දකුණු කොරියාවේ මාස 10 සිට වසර 04ක කාලයක් සේවය කර නියමිත ගිවිසුම් කාලය අවසන්වීමෙන් පසු යළි දකුණු කොරියාවේ සේවය සඳහා යෑමට කැමැත්තක් දක්වන වයස අවුරුදු 18-39 අතර ශ්‍රි ලාංකිකයින්ට කොරියානු භාෂා විශේෂ පරීක්ෂණ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?