AFC Banner
Empty Ad
Empty Ad

කොරියානු තානාපතිනිය ජනපති අනුර හමුවෙයි

මෙරට දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා.

අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම හමුවේ දී තානාපතිනිය ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සුබපැතුම් එක් කළ අතර, නව නායකත්වය යටතේ දෙරට අතර සබඳතාව ශක්තිමත් කිරීම සඳහා කොරියානු ජනාධිපතිවරයාගේ අපේක්ෂාවන් පිළිබඳව ද දැනුවත් කර තිබෙනවා.

රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ වෙනත් විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව සමඟින් කොරියානු රජය ශ්‍රී ලංකාවට නොසැලෙන සහයෝගය පළකර සිටින බව ද තානාපතිනිය මෙහිදී අවධාරනය කර සිටියා.

එසේම, ශ්‍රී ලංකාවේ ආයෝජන නැවත ආරම්භ කිරීමට කොරියානු සමාගම් අතර ඇති කැමැත්ත තානාපතිනිය යළි තහවුරු කළ අතර,මෙරටට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා විනිවිදභාවය සහ විධිමත් ප්‍රතිපත්ති පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අපේක්ෂා කරන බව ද ඇය මෙහිදී පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?