කොන්ක්‍රීට් කණුවකට යට වී කුඩා දරුවෙක් මරු තුරුලට

ඔංචිල්ලාවක් බැඳ තිබූ කොන්ක්‍රීට් කණුවක් පෙරළීමෙන් මොණරාගල, දොඹගහවෙල ප්‍රදේශයේ දී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 10ක දරුවෙක්.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා සිය මව්පියන් සමඟ උත්වසයක් සඳහා ඥාති නිවසකට පැමිණ සිටි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම නිවසේ කොන්ක්‍රීට් කණු දෙකක් අතර බැඳ තිබූ ඔංචිල්ලාවක් පදිමින් සිටිය දී එක්වරම එක් කොන්ක්‍රීට් කණුවක් දරුවා මතට කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බරපතළ තත්ත්වයේ සිටි දරුවා මොණරාගල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, රෝහලට ඇතුළත් කරන විටත් එම දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?