කොන්ක්‍රීට් කණුවකට යට වී කුඩා දරුවෙක් මරු තුරුලට

ඔංචිල්ලාවක් බැඳ තිබූ කොන්ක්‍රීට් කණුවක් පෙරළීමෙන් මොණරාගල, දොඹගහවෙල ප්‍රදේශයේ දී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 10ක දරුවෙක්.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා සිය මව්පියන් සමඟ උත්වසයක් සඳහා ඥාති නිවසකට පැමිණ සිටි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම නිවසේ කොන්ක්‍රීට් කණු දෙකක් අතර බැඳ තිබූ ඔංචිල්ලාවක් පදිමින් සිටිය දී එක්වරම එක් කොන්ක්‍රීට් කණුවක් දරුවා මතට කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බරපතළ තත්ත්වයේ සිටි දරුවා මොණරාගල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, රෝහලට ඇතුළත් කරන විටත් එම දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12