කොදෙව් – පාකිස්ථාන එක්දින තරගාවලියට කොරෝනා හරස්වෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය අවලංගු කර තිබෙනවා.

කොදෙව් කණ්ඩායමේ කොවිඩ් ආසාදනය වූ ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලයේ පිරිස ඉහළ යාම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව අවලංගු කළ මෙම තරගාවලිය ලබන 2022 වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට දෙපිළම එකඟතාවයට පත්ව ඇති බවයි වර්තා වුණේ.

කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට අවසන්වරට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ දී කඩුලු රකින ක්‍රීඩක හා පිතිකරු ෂායි හෝප්, වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අකේල් හුසේන් සහ තුන් ඉරියව් ක්‍රීඩක ජස්ටින් ග්‍රීව්ස් කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින් 07 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුනේ ICC ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ සුපර් ලීග් වටයේ තරගාවලියක් ලෙසටයි.

දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග තුනට බිංදුවක් ලෙස පාකිස්ථානය ජයගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15