කොටුව දුම්රිය ස්ථානයේ දී දුම්රියක් අනතුරට ලක්වෙයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී අද (15) පස්වරුවේ දුම්රියක් අනතුරකට ලක්ව තිබෙනවා.

කොටුව දුම්රිය ස්ථානයේ සිට හලාවට බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය පළමුවන වේදිකාවට ඇතුළත් කිරීමේ දී දුම්රිය නියමිත ස්ථානයේ දී නවතා ගැනීමට නොහැකිව එය වේදීකාවේ ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර වේදිකාවේ කොටසකට හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමෙන් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
13
+1
3
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?