කොටි නායකයාගේ ජීප් රථය කොලඹින් හමුවෙයි (PHOTOS)

එල්.ටි.ටි.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් භාවිත කළ බව කියන ජීප් රථයක් කොළඹ ප්‍රදේශයේ තිබෙන බවට පැවසුවොත් ඔබ විශ්වාස කරනවාද? නමුත් කතාව ඇත්තය…

මෙම පුදුම ජීප් රථයේ වර්තමාන හිමිකරු කොළඹ, මහරගම කපිල බුලත්ගේ මහතායි.

මේ එම ජීප් රථය සම්බන්ධයෙන් ඔහු පැවසූ දෙයයි…

” යාපනයේ, පේදුරුතුඩුවේ ගරාජයක තිබී මෙම ජීප් රථය සොයා ගත්තා. ඇ​මරිකාවේ යුද හමුදාව මේ වර්ගයේ ජීප් රථ මුලින්ම භාවිත කළ බව කියවෙනවා. 1942 වර්ෂයේ දී මෙම ජීප් රථය නිපදවා ඇත. දෙවන ලෝක යුද්ධයේ දී උසස් නිලධාරීන් භාවිතා කළ වාහනයකි. ඉන්දියාවෙන් ලංකාවට ගෙන ආ බව කියැවේ. 1988 දී පේදුරුතුඩුව ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී සංවිධානයක් විසින් මෙම රථය අයිතිකාරයාගෙන් පැහැරගෙන ගොස් තිබේ.

1942 දී නිපදවූ බව කියන මෙම ජීප් රථය එක්තරා කාලයක ප්‍රභාකරන් සතුව තිබූ බව කියති. ප්‍රභාකරන් සහ ඔහුගේ ආරක්ෂකයන් මෙම ජීප්රථය භාවිතා කළ බව කියැවේ. නූතන හිමිකරුට මේ බව කියා ඇත්තේ පේදුරුතුඩුවේ ජනතාවය.

සවලක්, ගල් කටුවක්, පොරවක් මේ වාහනයේ දැකිය හැකියි. එය වෙනමම පෙට්ටියක අසුරා තිබේ. 1942 වර්ෂයේ මෙම වාහනය සකස් කරන විට මේ උපකරණද සවි කර ඇති බව දැකගත හැකිය. 4500 වර්ගයේ ඇංජිමක් මෙහි සවි කර තිබේ. ටයර් එකක හුළං බැස්සද මෙම වාහනයේ ගමන් කළ හැකි වීම සුවිශේෂ වූවකි. යුද සමයේ දී ප්‍රභාකරන් හෝ ඔහුගේ සේනාව මෙය භාවිතා කළ බවට විස්වාස කෙරේ.

මුලින්ම 1942 කැනඩාවේ මෙම වාහනය සකස් කර තිබේ. ටොන්සිස් නාමය යටතේ නිෂ්පාදනය කර තිබේ. දෙවැනි ලෝක යුද කාලයේ ෆෝ වීල් වාහනවල අවශ්‍යතාවක් තිබිලා තියනවා. ඒ අවශ්‍යතාව අනුව මෙම වාහනය ඩබ්ලිව්.සී. කාණ්ඩය යටතේ සකස් කර තිබේ. 1942 ජූලි මාසයේ මේ ජීප් රිය කැනඩාවේ දී සකස් කර නිෂ්පාදනය කර පසුව, ඇ​ෙමරිකාවට යවා තිබෙනවා.

මේ අනුව, දෙවන ලෝක යුද්ධ කාලයේ ලංකාවේ ද ඇ​ෙමරිකා හමුදාව සිටිය නිසා මේ වාහනය ලංකාවට ඉන්දියාවේ සිට ගෙන එන්නට ඇතැයි සැලකේ. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසුව අතහැර දමා ගොස් තිබේ. ඉන් අනතුරුව 1947 දී මෙම වාහනය ලංකාවේ ලියාපදිංචි කර ඇත. සැමියොල් සිංහතම්බි යන අයට මේ ජීප් රථය මුලින්ම හිමිව තිබේ. මෙම වාහනය මුලසිට මේ දක්වාම තිබී ඇත්තේ ලංකාවේ උතුරු කරයේ ය.
1980 දක්වා මෙම වාහනයේ තොරතුරු දැකිය හැකිය. මෙම වාහනයේ අයිතිකරුවන් තුන්දෙනෙක් සතුව තිබී ඇති බව සාක්ෂි තියනවා. සිංහ තබ්බි මුල් අයිතිකාරයා. දෙවන අයිතිකරුවා පේදුරුතුඩුවේ අයෙක්, එයාගෙන් එයාගේ පුතාට මේ වාහනය හුවමාරු වී තිබේ. 1979 දී මේ වාහනය සන්නද්ධ කල්ලියක් විසින් පැහැරගෙන යනු ලැබ තිබේ.

1980 සිට 2009 යුද්ධය අවසන් වන තුරු මෙහි තොරතුරු සොයා ගත නොහැකිවයි තිබුණේ. මේ අනුව යුද්ධයේ ජයග්‍රහණයෙන් පසුව අයිතිකාරයෙක් නැති වාහනය වාහනවල සැබෑ අයිතිකාරුවන්ට යුද හමුදාව මගින් ලබාදී තිබේ.

නමුත්, වාහනයේ තෙවැනි අයිතිකරුවා මේ ජීප් රථය අරගෙන ගොස් නැත. එය සේල් එකකට දමාගොස් ඇත. අවසන් අයිතිකරුවා අත තිබූ සියලු‍ම තොරතුරු හා වාහනයේ ලියකියවිලි ද ඇතිව මේ වාහනය මේ වාහන සෙල් ගරාජයට ලබා දී තිබිණි.

2009 සිට 2018 වන තෙක් මේ වාහනය එම ගරාජයේ දිරාපත් වෙමින් තිබිණි. මෙම වාහනය තිබූ ගරාජයේ හිමිකරුගේ පුතා කපිල බුලත්ගේ මහතාට මේ වාහනය ගැන පවසා තිබේ. ඒ අනුව හෙතෙම මේ වාහනය මිල දී ගෙන අලු‍ත්වැඩියා කර තිබේ. කොළඹ, මහරගමට ගෙනත් මහරගම නන්ද කුමාර ගරාජයෙන් මේ වාහනය අලු‍ත් වැඩියා කළා. එහිදී නන්ද කුමාර හා ඔහුගේ පුතා මේ වාහනය තිබුණු තත්ත්වයට පත් කරන්නට මහන්සි වුණා. මුලින් මේ වාහනය ලොරියක් බව පැවසුවද පසුව තොරතුරු සොයන විට මෙම වාහනය ලොරියක් නොවෙයි ජීප් රථයක් බව සොයා ගත්තා. ඉන් පසුවයි අලු‍ත් වැඩියාව සිදු කළේ.’ බුලත්ගේ මහතා කියයි.

ගුවන් යානාවලට නිරීක්ෂණය කර ගත නොහැකි ආකාරයට සකස් කර ඇති මේ වාහනයේ සැලැස්මද වර්ණයද ගුවනට හෝ පොළවේ සිට බලන්නෙකුට දැකගත නොහැකි ආකාරයට හැඩ ගන්වා තිබීම නිසා යම් රහස් ගමනක් යන්නට හැකි ආකාරයට මෙම ජීප් රථය සකස් කර තිබූ බව සැකකරයි.”

(සටහන හා ඡායාරූප : හබරාදූව නිමල් අල්ගෙවත්ත)

image 4f3313c986
image ab9c77df0d
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33