පසුගිය 07 වනදා කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේ දී වෙඩි තබා පුදගලයෙක් ඝාතනය කළ සිද්ධියට තවත් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාවට මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම අපරාධය සිදුකිරීම සඳහා විදේශ ගතව සිටින අපරාධ කල්ලි සමාජිකයයෙකු සමඟ සම්බන්ධ වී අපරාධකරුවන්ට මෝටර් රථයක් ලබාදීම හා මරණකරු ගමන් ගන්නා මාර්ගය සම්බන්ධ තොරතුරු සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාට ලබාදෙමින් මෙම කාන්තාව අපරාධය සඳහා උපකාර කර ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.
ආදුරුප්පුවීදීය ප්‍රදේශයේ දී ඊයේ (16) අත්අඩංගුවට ගැනුණු මෙම සැකකාරි වයස අවුරුදු 32ක තැනැත්තියක්.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





