කොංගෝ හි බෝට්ටුවක් ගිනිගෙන 50ක් ජීවිතක්ෂයට – තවත් සිය ගණනක් අතුරුදන්

වයඹදිග කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) බෝට්ටුවක් ගින්නකට හසු වී අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි මගීන් 400ක් පමණ රැගත් මෝටර් ලී බෝට්ටුවක් ම්බන්ඩාකා නගරය අසල දී මෙලෙස ගිනිගෙන පෙරලී ගොස් ඇති බවයි.

සෙසු පුද්ගලයින් 350 දෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

රතු කුරුස සංවිධානයේ සහ පළාත් බලධාරීන්ගේ සහාය ඇතිව, අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු අද ආරම්භ කර ඇති බව ද වාර්තාවනවා.

මගීන් 400 ක් පමණ රැගත් මෝටර් ලී බෝට්ටුව, මාටන්කුමු වරායෙන් බොලොම්බා ප්‍රදේශයට පිටත් වූ පසු, ම්බන්ඩාකා නගරය අසල දී ගිනි ගත් බව කොමසාරිස් කොම්පෙන්ට් ලොයෝකෝ ඇසෝසියේටඩ් සඳහන් කළා.

මෙම බෝට්ටුවේ ආහාර පිසින අතරතුර දී ගින්න හටගෙන තිබෙනවා.

මගීන් 100 දෙනෙකු පමණ බේරාගෙන රෝහල්ගත කෙරුණ ද ඔවුන් දරුණු පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?