AFC Banner
Empty Ad
Empty Ad

කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් වලස්මුල්ලේ දී අල්ලයි

කේරළ ගංජා කිලෝ 81යි ග්‍රෑම් 690ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අද (11) අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.

වලස්මුල්ල පොලිස් වසමේ බෝවල ප්‍රදේශයේ දී සිදුකළ වටලිමක දී මෙම සැකකරුවන් සමඟ කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෝවල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ ලොරි රථයක් තුළ සඟවා තිබය දී මෙම ගංජා තොගය හමු වූ බවයි පොලිසිය පවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වලස්මුල්ල සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27 සහ 42 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

මෙම කේරළ ගංජා තොගය කිලිනොච්චිය ප්‍රදේශයෙන් රැගෙන විත් බෙදාහැරීමට නියමිතව තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?