කෙහෙළිය දෙන අනතුරු ඇගවීම….

හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තී සමිති හත්වන දිනටත් ක්‍රියාත්මක කළ වර්ජනය හේතුවෙන් අදත් රෝහල් වෙත පැමිණි රෝගින් දැඩි අපහසුතාවට පත්වුණි.

බිබිල මුලික රෝහල මහාචාර්ය සේනක බිබිල අනුස්මරණ රෝහල ලෙස නම් කිරීමේ උත්සවයට අද එක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වෘත්තිය සමිතිවල බලපෑම්වලට යටත්වීමට තමන් සූදානම් නොමැති බවය.

ප්‍රශ්නය – සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විරෝධතාවය තවමත් පැවැත්වෙනවා ?

“නෑ මං හිතන්නේ ඒක හරියයි. මම සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට සලකා බලන්නම්, හොයලා බලන්නම් වගේ දේවල් කියනවා අඩුයි. බැරිනම් බැහැ. පුළුවන් දේ කරනවා. ඒ රාමුව තුළ අපිට වැඩකරන්න සිද්ධ වෙයි. අහිංසක ලෙඩ්ඩු ලක්ෂ ගාණක් විවිධ අමාරුකම් මැද්දේ ඉන්නකොට සෞඛ්‍ය සේවයේ යටත් අමාරුකම් ඇති. හැබැයි ඔක්කෝම කළමනාකරණය කරගෙන යන්න ඕනේ අපි. බොර දියේ මාළු බාන්න නම් ඉඩදෙන්නේ නෑ මම.”

වැටුප් විෂමතාව ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගනිමින් හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 18ක් දීප ව්‍යාප්තව ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද හත්වන දිනටත් ක්‍රියාත්මක වුණි.

ඒ රෝහල්වල , සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම ආදී සෞඛ්‍ය සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමකය.

සෞඛ්‍ය සේවය අඩාල වන අයුරින් සිදුකරන වැඩවර්ජන අත්හිටුවන ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කිරීම හේතුවෙන් එම සංගමය මේ වන විට වර්ජනයෙන් තාවකාලිකව ඉවත් වී සිටී.

මේ පිළිබඳ අදහස් දැක්වු රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ, සභාපති, සමන් රත්නප්‍රිය මහතා,

“නීතියානුකූල විදියට අපි වැඩවර්ජනය තාවකාලිකව නතර කළා. ආණ්ඩුව මර්දනය කරලා තියෙනවා. මේක ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්. ඒක නිසා අපි ජාත්‍යන්තර අධිකරණයට යනවා.”

කෙසේ වෙතත් සෙසු වෘත්තිය සමිති 17 හත්වන දිනටත් ක්‍රියාත්මක කරන වර්ජනය හේතුවෙන් සියලූම රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සායනික සහ බාහිර රෝගීන්ට ඖෂධ සැපයීම, රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ, වාට්ටු සහ ඒකකවල රෝගී සත්කාරක සේවාවන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවාවන් තවදුරටත් අඩපණ වුණි.

මෙවන් පසුබිමක තවදුරටත් වර්ජනය ඉදිරියට ගෙන යන බවට වෘත්තිය සංගම් අනතුරු අඟවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?