කෙහෙළිය දෙන අනතුරු ඇගවීම….

හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තී සමිති හත්වන දිනටත් ක්‍රියාත්මක කළ වර්ජනය හේතුවෙන් අදත් රෝහල් වෙත පැමිණි රෝගින් දැඩි අපහසුතාවට පත්වුණි.

බිබිල මුලික රෝහල මහාචාර්ය සේනක බිබිල අනුස්මරණ රෝහල ලෙස නම් කිරීමේ උත්සවයට අද එක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වෘත්තිය සමිතිවල බලපෑම්වලට යටත්වීමට තමන් සූදානම් නොමැති බවය.

ප්‍රශ්නය – සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විරෝධතාවය තවමත් පැවැත්වෙනවා ?

“නෑ මං හිතන්නේ ඒක හරියයි. මම සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට සලකා බලන්නම්, හොයලා බලන්නම් වගේ දේවල් කියනවා අඩුයි. බැරිනම් බැහැ. පුළුවන් දේ කරනවා. ඒ රාමුව තුළ අපිට වැඩකරන්න සිද්ධ වෙයි. අහිංසක ලෙඩ්ඩු ලක්ෂ ගාණක් විවිධ අමාරුකම් මැද්දේ ඉන්නකොට සෞඛ්‍ය සේවයේ යටත් අමාරුකම් ඇති. හැබැයි ඔක්කෝම කළමනාකරණය කරගෙන යන්න ඕනේ අපි. බොර දියේ මාළු බාන්න නම් ඉඩදෙන්නේ නෑ මම.”

වැටුප් විෂමතාව ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගනිමින් හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 18ක් දීප ව්‍යාප්තව ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද හත්වන දිනටත් ක්‍රියාත්මක වුණි.

ඒ රෝහල්වල , සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම ආදී සෞඛ්‍ය සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමකය.

සෞඛ්‍ය සේවය අඩාල වන අයුරින් සිදුකරන වැඩවර්ජන අත්හිටුවන ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කිරීම හේතුවෙන් එම සංගමය මේ වන විට වර්ජනයෙන් තාවකාලිකව ඉවත් වී සිටී.

මේ පිළිබඳ අදහස් දැක්වු රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ, සභාපති, සමන් රත්නප්‍රිය මහතා,

“නීතියානුකූල විදියට අපි වැඩවර්ජනය තාවකාලිකව නතර කළා. ආණ්ඩුව මර්දනය කරලා තියෙනවා. මේක ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්. ඒක නිසා අපි ජාත්‍යන්තර අධිකරණයට යනවා.”

කෙසේ වෙතත් සෙසු වෘත්තිය සමිති 17 හත්වන දිනටත් ක්‍රියාත්මක කරන වර්ජනය හේතුවෙන් සියලූම රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සායනික සහ බාහිර රෝගීන්ට ඖෂධ සැපයීම, රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ, වාට්ටු සහ ඒකකවල රෝගී සත්කාරක සේවාවන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවාවන් තවදුරටත් අඩපණ වුණි.

මෙවන් පසුබිමක තවදුරටත් වර්ජනය ඉදිරියට ගෙන යන බවට වෘත්තිය සංගම් අනතුරු අඟවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46