ගනේමුල්ල සංජීවගේ ඝාතනයට පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවේ

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට මේ වනවිට සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඝාතනය සිදුකළ වෙඩික්කරු සහ තවත් සැකකරුවන් සිව්දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව වෙඩික්කරුවන පියුමංග කඳනාරච්චි නැමැත්තා වෑන් රථයකින් පළායන අවස්ථාවේ දී වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු 44 හැවිරිදි මහේෂ් සම්පත් ප්‍රියදර්ශන නැමැත්තා සහ වෙඩික්කරු සමඟ පැමිණි කාන්තාව සමඟ සමීප සබඳතා පැවැත්වූ පොලිස් 26 හැවිරිදි කොස්තාපල් ළහිරු ප්‍රසන්න ඇතුගල නැමැත්තා ද ඒ අතර වනවා.

ඊට අමතරව වෙඩිකරුට අවි ආයුධ ලබාදුන් සහ ඔහුව අපරාධය සඳහා මෝටර් රථයකින් අලුත්කඩේ අධිකරණය අසළට ගෙනැවිත් ඇරලූ ජනක උදය කුමාර නැමැති 43 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා ද අත්අඩංගුවට පත් සැකරුවන් අතර වනවා.

එමෙන්ම වෙඩික්කරු පළායාමට යොදාගත් වෑන් රථය සන්තකයේ තබාගෙන සිටි 37 හැවිරිදි හසිත රොෂාන් නැමැති අතුරුගිරිය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් ද අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස්දෙනා අතර වනවා.

ඒ, අනුව මෙම අපරාධයට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56