Update – බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇප මත නිදහස්

අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ ඇප මත නිදහස් කර තිබෙනවා.

සැකකාර හිටපු සභාපතිවරයාව හම්බන්තොට දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අද (22) නියෝග කළේ.

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට ඔහු මත්තල පොලිසිය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගනු ලැබුවා.