AFC Banner
Empty Ad
Empty Ad

කෙහෙළියගේ පෙත්සම සලකා බැලෙයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොදු දේපොළ පනත යටතේ පවතින නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (31) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුනා.

මෙම පෙත්සම අද (31) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයා කරුණු ඉදිරිපත් කළා.

ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ පොදු දේපළ පනත යටතේ තම සේවාදායකයා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැණි බවයි.

එවැනි නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.

මෙම පෙත්සමට අදාළ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන බදාදා තෙක් කල් තැබීමට ද අභියාචනාධිකරණය නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමෙන් කාලා ගේට්ටුව වහගෙන - සෙල්ලමක් දාපු සාදුයි අක්කයි මාට්ටු
01:40
Video thumbnail
මවපු සිහින ලෝක ක්‍රියාත්මක කරන්න බෑ - දිලුම් අමුණුගම මාලිමා ආණ්ඩුවේ සායම යවයි
05:11
Video thumbnail
සජිත් අනුර අතර රහස් සාකච්ඡාවක් - වෙච්ච දේවල් සජිත් එළිපිටම කියයි #sajith #anurakumaradissanayake
11:12
Video thumbnail
රනිල් වික්‍රමසිංහ ගෙදර ගිහිල්ලත් - පට්ටපල් බොරු කියනවා
01:51
Video thumbnail
වසන්ත සමරසිංහගෙන් ගම්මන්පිලට පිළිතුරු - ගම්මන්පිල ඇරන් යන කොළකෑලි වලට වාර්ථා කියන්නේ නෑ
02:39
Video thumbnail
ජනතාව එකතු වී සීබී රත්නායක පන්නා දමයි..."ඔබතුමාගේ කතාවක් වත් වැඩක් නෑ අපිට"
11:12
Video thumbnail
සජිත් කියන්නේ නොමේරු ළදරුවෙක් - අපිට තියෙන්නේ බරපතළ වගකීමක් #nalindajayathissa
06:40
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:32:01
Video thumbnail
උගන්ඩා මැණිකේ වේදිකාව දෙවනක් කරමින් කරපු සුපිරි කතාව #npp #akd #anurakumaradissanayake
13:10
Video thumbnail
නාමල් හදීසියේ කතාව නවත්වයි - "හොරා හොරා හොඳම හොරා" - රැස්වීමට ආපු අයියෙක්ගෙන් ලොකු සද්ධයක්
02:03

?