හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයන ලද මුදල්, විශුද්ධිකරණය කිරීමට සහාය ලබා දෙමින් ආධාර අනුබල දීම මත, 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 (1) වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට විමර්ශනයක දී අනාවරණය වීම හේතුවෙන්, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල යන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමල්දි යණිය අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසනවා.
ඒ අනුව චමිත්‍රි රඹුක්වැල්ල, අද (06) පස්වරු 01.15ට පමණ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්වුණා.
අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකාරිය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් කොමිසම විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
4
+1
+1
+1
+1













