කෙහෙල්බැද්දර පද්මේ සහ කිරි කොල්ලාගේ ගෝලයෙක් අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ‘කෙහෙල්බැද්දර පද්මේ’ නැමැත්තාගේ ගෝලයෙක් හෙරොයින් ග්‍රෑම් 51ක්, විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ උණ්ඩ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ විශේෂ පාතාල අපරාධ මැඩලීමේ ඒකකය විසින් මෙම සැකකරු ඊයේ (16) මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු දැනට ඩුබායි හි සැඟව සිටින අවිශ්ක මදුසංක නොහොත් ‘කිරි කොල්ලා’ නැමැත්තාගේ අපරාධ සහායෙකු ලෙස ද කටයුතු කර ඇති වයස අවුරුදු 44ක අයෙක්.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමේ දී ඔහු සමඟ රැඳී සිටි වයස අවුරුදු 25ක මීගමුව, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් ද හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?