කෙහෙල්බද්දර පද්මේ හා හරක්කටාගේ බිරිඳ අත්අඩංගුවට?

කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල කල්ලි නායකයා ව මැලේසියාවේ දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඔහු සමග සිටියා යැයි සැක කෙරෙන මේ වනවිට මෙරට රක්ෂිත බන්ධනාගාරගත ව සිටින ප්‍රබල අපරාධ කල්ලි නායක හරක්කටාගේ නීත්‍යනුකූල බිරිඳ නොහොත් කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිඳ ව ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට නිල තහවුරු කිරීමක් හෝ සනාථ කිරීමක් මෙතෙක් සිදු කර නැහැ.

මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ සමග ඔහුගේ සමීපතම සගයා වන කොමාන්ඩෝ සලින්ත ද මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට විවිධ පුවත් වාර්තා වනවා.

කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිය ලෙස හරක්කටාගේ නීත්‍යනුකූල බිරිඳ වාසය කර ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.

ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසුව කෙහෙල්බද්දර පද්මේ ඩුබායි රාජ්‍යයේ සිට මැලේසියාවට පලා විත් තිබුණා.

ඔවුන් බෝට්ටුවක් මාර්ගයෙන් එරට සිට තායිලන්තය බලා යෑමට සූදානම් වූ අවස්ථාවේ දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි ඒ අතර සිටින්නේ ද යන්න පිළිබඳ ව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?