කෙහෙල්බද්දර පද්මේ හා හරක්කටාගේ බිරිඳ අත්අඩංගුවට?

කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල කල්ලි නායකයා ව මැලේසියාවේ දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඔහු සමග සිටියා යැයි සැක කෙරෙන මේ වනවිට මෙරට රක්ෂිත බන්ධනාගාරගත ව සිටින ප්‍රබල අපරාධ කල්ලි නායක හරක්කටාගේ නීත්‍යනුකූල බිරිඳ නොහොත් කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිඳ ව ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට නිල තහවුරු කිරීමක් හෝ සනාථ කිරීමක් මෙතෙක් සිදු කර නැහැ.

මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ සමග ඔහුගේ සමීපතම සගයා වන කොමාන්ඩෝ සලින්ත ද මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට විවිධ පුවත් වාර්තා වනවා.

කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිය ලෙස හරක්කටාගේ නීත්‍යනුකූල බිරිඳ වාසය කර ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.

ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසුව කෙහෙල්බද්දර පද්මේ ඩුබායි රාජ්‍යයේ සිට මැලේසියාවට පලා විත් තිබුණා.

ඔවුන් බෝට්ටුවක් මාර්ගයෙන් එරට සිට තායිලන්තය බලා යෑමට සූදානම් වූ අවස්ථාවේ දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි ඒ අතර සිටින්නේ ද යන්න පිළිබඳ ව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30