කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ඉන්දුනීසියානු මෙහෙයුමට ඉන්දියාවෙනුත් සහාය – පහකට රෙඩ් නෝටිස් (වීඩියෝ)

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස ඇල්ලූ මෙහෙයුම සඳහා ඉන්දියානු බුද්ධි අංශවල සහාය ද හිමි වූ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

අද (28) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත් වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස්පතිවරයා පැවසුවේ, ඉන්දුනීසියාවේ සිදුකළ එම මෙහෙයුමෙන් කාන්තාවක් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් හයදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් මොවුන්ගෙන් පස්දෙනෙකුම රතු වරෙන්තු නිකුත්කර සිටින අය බවයි.

එමෙන්ම විදෙස් රටක දී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් මෙවැනි මෙහෙයුමක් සිදුකරනු ලැබුවේ ඉතිහාසයේ පළමු වරට බවයි පොලිස්පතිවරයා පැවසුවේ.

සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳව හොඳ දැනීමක් ඇති, ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂ අවබෝධයක් ඇති නිලධාරී කණ්ඩායමක් මෙම විශේෂ මෙහෙයුම සඳහා යොදාගත් බවයි ඔහු මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10