කෙස් ගහෙන් මිස් වුන ජයග්‍රහනය…

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය තෙවැනි පරාජය ද ලැබීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ඊයේ රාත්‍රියේ සිදු වුණා.ඒ තරගාවලියේ 11 වැනි තරගයෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම හමුවේ එක් ලකුණක තියුණු පරාජයකට ලක් වීම හේතුවෙන්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 138ක් රැස් කළා.

නිරෝෂන් දික්වැල්ල පන්දු 16කින් වේගවත් ලකුණු 30ක් රැස් කළ අතර, පිල් සෝල්ට් ලකුණු 21ක් ලබා ගත්තා.
සොහයිබ් මක්සූද් ලකුණු 24යි. නායක දසුන් ශානක ලකුණු 16ක් ද, චාමික කරුණාරත්න ලකුණු 12ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී රවී රාම්පෝල් හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 3 බැගින් බිද හෙලුවා.
සීක්කුගේ ප්‍රසන්න ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත්තා.

මෙම තරගයේ දී ද යලිත් වරක් වේග පන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක් උණුසුම් වචන හුවමාරුවකට එක් වීම විශේෂත්වයක්.

ඊයේ(10) පැවැති තරගයේ දී තිසර පෙරේරා සමග උණුසුම් වචන හුවමාරුවක නිරත වූ නවීන්, මෙම තරගයේ දී ශ්‍රී ලංකා පිලේ ජවසම්පන්න ක්‍රීඩක චාමික කරුණාරත්න සමගිනුයි යම් උණුසුම් වචන හුවමාරුවක නිරත වනු දක්නට ලැබුණේ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්ටාර්ස් පිලට මෙම තරගයේ දී ද සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

කොහොම නමුත් දිනේෂ් චන්දිමාල් සටන්කාමී ඉනිමක් දියත් කරමින් ස්ටාර්ස් කණ්ඩායම ජයග්‍රහනය අසලටම රැගෙන යාමට සමත් වීම කැපී පෙනුණා.

කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

යළිත් අසාර්ථක වූ කුසල් පෙරේරා ලකුණු 5කටත්, ටොම් බැන්ටන් ලකුණු 8කටත්, අශාන් ප්‍රියන්ජන් ලකුණු 3කටත් දැවී ගියා. ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ලබා ගත්තේ ලකුණු 4ක් පමණයි.නායක ධනංජය ද සිල්වා ලකුණු 33ක් රැස් කළ අතර, දිනේෂ් චන්දිමාල් පන්දු 40කින් ලකුණු 65ක් නොදැවී ලබා ගැනීමට සමත් වුණා.

හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් ඔහුගේ සටන්කාමී ඉනිමට අන්තර්ගත වුණා.

තරගයේ අවසන් පන්දුවට ස්ටාර්ස් කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 6ක් අවශ්‍ය වූ නමුත්, චන්දිමාල්ට එම පන්දුවට වාර්තා කිරීමට හැකි වූයේ හතරේ පහරක් පමණයි.
පන්දු යැවීමේ දී තරිදු රත්නායක ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත්තා. ඉම්රාන් තහීර් ලකුණු 15කට කඩුලු 2ක් බිද හෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි.."සුද්දට ගිය රටක් වගේ මේක"
01:37
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59