කෙත්තාරාමය අවට විශේෂ රථවාහන සැලැස්මක් – තරගය නරඹන්න තැන් දෙකක පුළුල් තිර දෙකක් (වීඩියෝ)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැත්වෙන අවසාන මහා තරගය වෙනුවෙන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට වාහන නතරකිරීම සඳහා රථගාල් 10ක් පමණ වෙන්කර ඇති බවයි.

තැරව්කරුවන්ට හෝ වෙනත් කිසිඳු පාර්ශ්වයකට මුදල් ගෙවීමකින් තොරව තොරව එම රථගාල්වල වාහන නතරකිරීමේ හැකියාව පවතින බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර කිසිම හේතුවක් නිසා ඇතුළු වන දොරටුවලින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුකරන බව සඳහන් කළ ඔහු, ඇතැම් පුද්ගලයින් ක්‍රීඩාපිටිය අවට ව්‍යාජ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ද සිදුකරන බවයි පැවසුවේ.

එමෙන්ම යම් ආකාරයකින් තරගය නැරඹීමට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට නොහැකි ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මාළිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේ සහ ගාලුමුව දොර, පුළුල් තිර දෙකක් සවිකර ඇති බව ද දැනුම් දුන්නා.

කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර අවසන් මහා තරගය වෙනුවෙන් ක්‍රීඩාංගණයේ දොරටු දහවල් 12.00 සිට විවෘතව තබන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
7
+1
1
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?