කෙත්තාරාමය අවට විශේෂ රථවාහන සැලැස්මක් – තරගය නරඹන්න තැන් දෙකක පුළුල් තිර දෙකක් (වීඩියෝ)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැත්වෙන අවසාන මහා තරගය වෙනුවෙන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට වාහන නතරකිරීම සඳහා රථගාල් 10ක් පමණ වෙන්කර ඇති බවයි.

තැරව්කරුවන්ට හෝ වෙනත් කිසිඳු පාර්ශ්වයකට මුදල් ගෙවීමකින් තොරව තොරව එම රථගාල්වල වාහන නතරකිරීමේ හැකියාව පවතින බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර කිසිම හේතුවක් නිසා ඇතුළු වන දොරටුවලින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුකරන බව සඳහන් කළ ඔහු, ඇතැම් පුද්ගලයින් ක්‍රීඩාපිටිය අවට ව්‍යාජ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ද සිදුකරන බවයි පැවසුවේ.

එමෙන්ම යම් ආකාරයකින් තරගය නැරඹීමට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට නොහැකි ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මාළිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේ සහ ගාලුමුව දොර, පුළුල් තිර දෙකක් සවිකර ඇති බව ද දැනුම් දුන්නා.

කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර අවසන් මහා තරගය වෙනුවෙන් ක්‍රීඩාංගණයේ දොරටු දහවල් 12.00 සිට විවෘතව තබන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14