කෘෂිකර්ම ඇමති ලොකු ලූණු වගාව ගැන වාර්තාවක් ඉල්ලයි

රටේ ලොකු ලූණු වගාව සම්බන්ධව තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙරට ලොකු ලූණු වගාව වසර ගණනාවකට පෙර සාර්ථකව සිදු වුව ද දැනට වසර කිහිපයකට පෙර සිට වගාව ඉතාමත් අසාර්ථක වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ගොවීන් ලොකු ලූණු වගාව අතහැර දමන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වීම හේතුවෙන් රටේ ලොකු ලූණු වගාව සම්බන්ධව වහාම වාර්තාවක් ලබා දෙන ලෙසට කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලොකු ලූණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් වුව ද මෙම වසර තුළ ජාතික නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4716ක් බව සඳහන්.

මෙම වසරේ ගත වූ කාලය තුළ ආනයනය කර ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 131,795ක්.

රට තුළ නිෂ්පාදනය කර ඇති ප්‍රමාණය හා ආනයනය කර ඇති ප්‍රමාණයක් සළකා බලන කළ දැනට රට තුළ ඇති ලොකු ලූණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 136,509ක් බවටයි හෙළිවී ඇත්තේ.

මෙම තත්ත්වය සළකා බලමින් රට තුළ ලොකු ලූණු නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගැනීම හෝ දැනට ලොකු ලූණු වගා කරන ඉඩම් ගොවීන් විසින් පවත්වාගෙන යන්නේ පාඩුපිට බැවින් ඒවායේ ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වෙනත් බෝග වගාව සඳහා යොමු කිරීමට හෝ ගතයුතු පියවර සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?