කෘෂිකර්ම ඇමති ලොකු ලූණු වගාව ගැන වාර්තාවක් ඉල්ලයි

රටේ ලොකු ලූණු වගාව සම්බන්ධව තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙරට ලොකු ලූණු වගාව වසර ගණනාවකට පෙර සාර්ථකව සිදු වුව ද දැනට වසර කිහිපයකට පෙර සිට වගාව ඉතාමත් අසාර්ථක වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ගොවීන් ලොකු ලූණු වගාව අතහැර දමන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වීම හේතුවෙන් රටේ ලොකු ලූණු වගාව සම්බන්ධව වහාම වාර්තාවක් ලබා දෙන ලෙසට කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලොකු ලූණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් වුව ද මෙම වසර තුළ ජාතික නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4716ක් බව සඳහන්.

මෙම වසරේ ගත වූ කාලය තුළ ආනයනය කර ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 131,795ක්.

රට තුළ නිෂ්පාදනය කර ඇති ප්‍රමාණය හා ආනයනය කර ඇති ප්‍රමාණයක් සළකා බලන කළ දැනට රට තුළ ඇති ලොකු ලූණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 136,509ක් බවටයි හෙළිවී ඇත්තේ.

මෙම තත්ත්වය සළකා බලමින් රට තුළ ලොකු ලූණු නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගැනීම හෝ දැනට ලොකු ලූණු වගා කරන ඉඩම් ගොවීන් විසින් පවත්වාගෙන යන්නේ පාඩුපිට බැවින් ඒවායේ ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වෙනත් බෝග වගාව සඳහා යොමු කිරීමට හෝ ගතයුතු පියවර සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54