AFC Banner
AFC Banner
Empty Ad

කෘෂිකර්ම ඇමතිටත් අස් වෙන්න කියයිද ?

තෙල් මිල ඉහළ දමා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් බලශක්ති ඇමැතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස ලියුමක් ගැසුවා වගේ පොහොර නැතුව ගොවියා අසරණ කෙරුවාට කෘෂිකර්ම ඇමැතිවරයාටද ලියුමක් ගසන ලෙස පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මහතාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසනවා

ඉබ්බාගමුව ගොවිජන මධ්‍යස්ථානයේදී පොහොර ලබාදීමේදී ප‍්‍රමාණවත් පොහොර ලබා නොදීම නිසා ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් එම ස්ථානයට පැමිණි නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ පෝර මිටි 250 යි ලැබිල තියෙන්නේ. මේ වන විට ගොවීන් කිලෝ මීටරයකට වඩා දුර පෝලීම ගැහිල ඉන්නවා.

අන්තිමට ඉන්න ගොවියාට එක පොහොර මිටියක්වත් ලැබෙන්නේ නැහැ.ගොයමට මේ වන විට බණ්ඩි පොහොර ගහන කාලය ඇවිල්ලා තියෙන්නේ.
වී වපුරන විට බණ්ඩි පොහොර ගහන්න ඕනෑ. සති දෙක තුන යනකොට යූරියා පොහොර ගහන්න ඕන.

දවස් 28 යන විට යූරියා දෙවැනි වටය ගහන්න ඕන. ආයිත් දවස් 45 පනින කොට බණ්ඩි පොහොර ගහන්න ඕනෑ. මෙතෙක් කිසිම පොහොරක් ගොවීන්ට ලැබුණේ නැහැ. රටේම ගොවි ජනතාව අප‍්‍රසාදයට පත් වෙලා තියෙන්නේ.

අපි කියන්නේ තෙල් මිල වැඩි කරන විට ගම්මන්පිලගේ කුමන්ත‍්‍රණක් කියල ලියුමක් ගැහුව වගේ පොහොර හිඟ වන විට එය කෘෂිකර්ම ඇමැතිවරයාගේ කුමන්ත‍්‍රණයක් කියල වහාම ඉල්ලා අස්වෙන්න කියල ලියුමක් ගහන ලෙස පොහොට්ටුවේ ලේකම්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?