කෘෂිකර්මාන්තයේ නව පිබිදීමක් ඇති කරලීම වෙනුවෙන් ජනපතිගෙන් පොරොන්දුවක් (වීඩියෝ)

කෘෂිකර්මාන්තයේ නව පිබිදීමක් වෙනුවෙන් වාරි කර්මාන්තය දියුණු කිරීමට රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (04) පෙරවරුවේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභිමුඛ දී පැවති 58 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් එක් වෙමින්.

සාම්ප්‍රදායිකව වාර්ෂික ව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ අරමුණින් සිදු කරන මෙම ‘ජාතික අලුත් සහල් මංගල්‍යය” රජ සමයේ සිට පැවැත එන චාරිත්‍රයක්.

‘කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවායි’ ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වී රටට, ජාතියට සෙත් පැතීම මෙහි අරමුණ වනවා.

අනුරාධපුර සිංහ කණුව අසල සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා පැමිණි අලුත් සහල් රැගත් පෙරහර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මළුවට ගෙවැදීම සිදු කෙරුණා.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින්වහන්සේ අලුත් සහලින් රන් පත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඊට ජනාධිපතිවරයා, රජයේ මැති ඇමතිවරුන් සහ ගොවි නායකයින් ද සහභාගි වුණා.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මී පැණි පූජා කිරීම සඳහා ආදිවාසී උපනායක විසින් ජනාධිපතිවරයාට මී පැණි ලබාදීමත්, රත්නපුර මහ සමන් දේවාලය විසින් මල් පූජාව සඳහා අවශ්‍ය පූජා ද්‍රව්‍ය ලබාදීමත් මෙහිදී සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?