කෘෂිකර්මාන්තයේ නව පිබිදීමක් ඇති කරලීම වෙනුවෙන් ජනපතිගෙන් පොරොන්දුවක් (වීඩියෝ)

කෘෂිකර්මාන්තයේ නව පිබිදීමක් වෙනුවෙන් වාරි කර්මාන්තය දියුණු කිරීමට රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (04) පෙරවරුවේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභිමුඛ දී පැවති 58 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් එක් වෙමින්.

සාම්ප්‍රදායිකව වාර්ෂික ව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ අරමුණින් සිදු කරන මෙම ‘ජාතික අලුත් සහල් මංගල්‍යය” රජ සමයේ සිට පැවැත එන චාරිත්‍රයක්.

‘කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවායි’ ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වී රටට, ජාතියට සෙත් පැතීම මෙහි අරමුණ වනවා.

අනුරාධපුර සිංහ කණුව අසල සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා පැමිණි අලුත් සහල් රැගත් පෙරහර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මළුවට ගෙවැදීම සිදු කෙරුණා.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින්වහන්සේ අලුත් සහලින් රන් පත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඊට ජනාධිපතිවරයා, රජයේ මැති ඇමතිවරුන් සහ ගොවි නායකයින් ද සහභාගි වුණා.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මී පැණි පූජා කිරීම සඳහා ආදිවාසී උපනායක විසින් ජනාධිපතිවරයාට මී පැණි ලබාදීමත්, රත්නපුර මහ සමන් දේවාලය විසින් මල් පූජාව සඳහා අවශ්‍ය පූජා ද්‍රව්‍ය ලබාදීමත් මෙහිදී සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57