කෘතීම රුධිරය අත්හදා බලයි

එක්සත් රාජධානියේ කෘතීමව නිපදවනු ලැබූ රුධිරය අත්හදාබැලීමේ සිදුවීමක් පිළිබඳව වාර්තා වනවා. පරිත්‍යාගශීලීන්ගෙන් ප්‍රාථමික සෛල භාවිතා කරමින් රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ කෘතීම රතු රුධිරාණු සෛල පුද්ගලයෙකුට පාරවිලයනය කර ඇත.

රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ රතු රුධිර සෛල පුද්ගලයෙකුට පාරවිලයනය ලොව ප්‍රථම සායනික පරීක්ෂණය ලෙස මෙය ඉතිහාස ගත වනවා.

ආරක්ෂිත සහ ඵලදායී බව ඔප්පු වුවහොත්, නිපදවන ලද රුධිර සෛල, රුධිර සංකුලතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේදී විප්ලවයක් සිදු කළ හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.මක්නිසාද යත් රුධිර සංකුලතා සහිත රෝගීන්ට ගැලපෙන රුධිරය සොයා ගැනීම ඉතාමත් අපහසු කරුණකි.

අපගේ රසායනාගාරය තුළ නිපදවූ රතු රුධිරාණු සෛල පරිත්‍යාගශිලියකු ලබා දෙන රුධිර සෛල වලට වඩා කල් පවතිනු ඇතැයි විශ්වාස කරන බවත් සායනික පරීක්ෂණ සාර්ථක වුවහොත් රුධිර සංකුලතා සහිත රෝගීන්ට සිදු කළ යුතු පාරවිලයන සංඛ්‍යාව අවම කිරීමට හැකිවනු ඇති බවත් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?