කෘත්‍රීම බුද්ධිය මෙරට අධ්‍යාපනයට ? – අධ්‍යාපන ඇමතිගෙන් ඉඟියක් (ඡායාරූප)

21 වන සියවසේ සියලු ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට කෘත්‍රීම බුද්ධි තාක්ෂණය අදාළ වන බවත්; අප රටට ද ඊට මුහුණදීම අනිවාර්යය කාරණයක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ; අධ්‍යාපන අමාත්‍යාංශය හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව තෝරා ගන්නා ලද පාසල් 100 ක කෘත්‍රීම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ (Al Clubs) ආරම්භ කිරීමේ සමාරම්භක වැඩසටහනට අරලියගහ මන්දිරයේ දී එක් වෙමින්.

කෘත්‍රීම බුද්ධියත් සමග ලොව නැගී එන තාක්ෂණික විෂය ධාරා වූ නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය වැනි නව තාක්ෂණ විෂයන් පිළිගැනීම සඳහා අප සූදානම් විය යුතු වුවත් අපගේ සූදානම තවමත් පවතින්නේ ලොව අන් රටවලට සාපේක්ෂ ව වසර 15 ක පමණ පිටුපසින් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඉදිරි දශකයක කාලය ඇතුළත මේ වන විට පවත්නා රැකියා වෙළෙඳපොළ මුළුමනින් ම වෙනස් වන අතර කෘත්‍රීම බුද්ධි තාක්ෂණය මග නො හැර එය සමග අපට අනාගතය කරා පියවර තබන්නට සිදු වීම අනිවාර්ය බවයි උත්සව සභාව අමතමින් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

එහි දී හමුවන බාධක ජය ගනිමින් අභියෝග හමුවේ නොසැලෙන නායකත්වයක් ප්‍රකට කළ යුතු බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළා.

Y7A3164 scaled
IMG 8601 scaled
IMG 8581 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?