‘කූඹියට හුජ්ජ ගංගාවක්” – දොලවත්තගෙන් නලින්දට උපහාසාත්මක ප්‍රකාශයක් (වීඩියෝ)

අරගලයෙන් විනාශ කළ දේපොළ සම්බන්ධයෙන් තමන් රජයෙන් ලබාගත් වන්දි මුදල් කිසිසේත් ම සිය නිවස ප්‍රතිසංස්කරණය කරගැනීමට ප්‍රමාණවත් නොවුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසනවා.

අද (07) සිය නිවසේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට බලපෑම් කරමින් කිසිදු මුදලක් ලබාගෙන නොමැති බවයි.

තමන්ගේ නිවසෙහි සවිකර තිබූ ජනේල 40ක් තිබූ බවත්, ඒවා සියල්ලම විනාශ කර දැමුවේ අරගකරුවන් බවත්, ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට රජයෙන් ලබාගත්තේ රුපියල් 837000ක මුදලක් බවත් දොලවත්ත මහතා පවසනවා.

විරුද්ධ දේශපාලනයක් සිදු කෙරුව ද, විරුද්ධ මතධාරීන් විනාශ කළ ද, එය ස්වාභාවික ආපදාවක් නොවන බවයි හිටපු මන්ත්‍රීවරය පැවසුවේ.

එමෙන්ම හිටපු මන්ත්‍රීවරයා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට ප්‍රසිද්ධ අභියෝගයක් ද සිදු කර තිබෙනවා.

ඒ මෙම හානි සම්බන්ධයෙන් නැවත රාජ්‍ය නිලධාරීන් එවා ගණනය කිරීම් සිදු කරන ලෙසයි.

අරගලයෙන් තමන්ගේ නිවසෙහි තිබූ කළුවර ලීයෙන් තැනූ පුටු 05ක් කඩා දැමූ බවත් ඉන් එකක් අම්බලන්ගොඩ නගරයෙන් පිළිසකර කරගැනීමට රුපියල් 275000ක මුදලක් වැයවන බව ද දොලවත්ත මහතා සඳහන් කළා.

ජාතික ජන බලවේගය පක්ෂයේ ඇමති නලින්ද මෙන් සෙසු පිරිසට ද අරගලයෙන් දේපොළ විනාශ වීම සුළු කරුණක් වනු ඇත්තෙ ඔවුන් බලයට ඒමට පෙර ජීවත් වූ ආකාරය නිසාවෙන් විය හැකි බව ද දොලවත්ත මහතා වැඩිදුරටත් පැවසුවා.

එය හුදෙක් ‘කූඹියෙක්ට හුජ්ජ ගංගාවක්’ වගේ යැයි යන්න ද ඒ මහතා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
21
+1
2
+1
1
+1
1
+1
11
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?