ලීසිං පහසුකම් ලබාගැනීම සඳහා කූට ලේඛන සකස් කිරීම තුළින් රුපියල් මිලියන 13ක වංචාවක් කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිණියක් වූ පියුමි හංසමාලිගෙ හිටපු සැමියා වන ප්‍රගීත් ධනුෂ්ක මෙන්ඩිස් යන අයව කොළඹ වංචා විමර්ශන කාර්යාලයේදී අද (11) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරු අද පස්සරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී සැකකරු විසින් වරද පිළිගත්තා.
අධිකරණය විසින් ඔහුට රුපියල් ලක්ෂ සීයක ශරීර ඇපයක් නියම කළ අතර නඩුව යළි මාර්තු 24 වන දින කැඳවීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
15
+1
1
+1
1
+1
1
+1
1













