කුළුඳුල් තරගය ශ්‍රී ලංකාව ඉහළින් ජයගනී

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති කුළුඳුල් ටෙස්ට් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (05) සමත් වුණා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ කඩුලු 10කින්.

මෙම තරගයේ ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය සියල්ලන් දැවී ලකුණු 198ක් රැස් කිරීමට සමත් වුණා.

ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 09ක් දැවී ලකුණු 439ක් රැස් කළා.

එහිදී ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් සාර්ථක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේ ක්‍රීඩකයින් දෙදෙනාම ශතක රැස්කරමින්.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 241ක් පසුපසින් සිටිමින් ඇෆ්ගනිස්ථානය තරගයේ තුන්වන දිනය වූ ඊයේ (04) දිනයේ සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීම ආරම්භ කළා.

ඒ, අනුව ඇෆ්ගනිස්ථානය දෙවන ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 296ක් රැස්කිරීමට සමත් වූ අතර, එහිදී ඊබ්‍රාහිම් සද්‍රාන් ශතකයකින් ඇෆ්ගන් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය කඩුලු 05ක් බිඳ දැමූ අතර, අසිත ප්‍රනාන්දු ඇෆ්ගන් ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා දෙවන ඉනිමට හිමි වූ ඉලක්කය ලකුණු 56ක්.

එම ඉලක්කය කිසිවෙකු නොදැවී පසුකර යන්නට ශ්‍රී ලංකාවට අද දිනයේ හැකියාව ලැබුණා.

මේ අතර ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව නායකත්වයට පත්ව සහභාගී වූ පළමු තරගය මෙය වීමද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
9
+1
3
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?