කුළුඳුල් තරගය ශ්‍රී ලංකාව ඉහළින් ජයගනී

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති කුළුඳුල් ටෙස්ට් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (05) සමත් වුණා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ කඩුලු 10කින්.

මෙම තරගයේ ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය සියල්ලන් දැවී ලකුණු 198ක් රැස් කිරීමට සමත් වුණා.

ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 09ක් දැවී ලකුණු 439ක් රැස් කළා.

එහිදී ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් සාර්ථක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේ ක්‍රීඩකයින් දෙදෙනාම ශතක රැස්කරමින්.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 241ක් පසුපසින් සිටිමින් ඇෆ්ගනිස්ථානය තරගයේ තුන්වන දිනය වූ ඊයේ (04) දිනයේ සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීම ආරම්භ කළා.

ඒ, අනුව ඇෆ්ගනිස්ථානය දෙවන ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 296ක් රැස්කිරීමට සමත් වූ අතර, එහිදී ඊබ්‍රාහිම් සද්‍රාන් ශතකයකින් ඇෆ්ගන් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය කඩුලු 05ක් බිඳ දැමූ අතර, අසිත ප්‍රනාන්දු ඇෆ්ගන් ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා දෙවන ඉනිමට හිමි වූ ඉලක්කය ලකුණු 56ක්.

එම ඉලක්කය කිසිවෙකු නොදැවී පසුකර යන්නට ශ්‍රී ලංකාවට අද දිනයේ හැකියාව ලැබුණා.

මේ අතර ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව නායකත්වයට පත්ව සහභාගී වූ පළමු තරගය මෙය වීමද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51