කුසල් මෙන්ඩිස් T20 පිටියේ 15 වැනි අර්ධ ශතකය ලබයි – ජයග්‍රහණයට ශ්‍රී ලංකාව තවත් ලකුණු 43ක් පසුපසින්

පන්දුවාර 20 තුන්වැනි සහ තීරණාත්මක ක්‍රිකට් තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් ලද ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කය හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් ප්‍රවේගකාරී අර්ධ ශතකයක් ලබා ගැනීමට මීට ටික වේලාවකට (17) පෙර සමත් වුණා.

අද තරගය දඹුල්ල ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 07ට ආරම්භ වුණු අතර එහිදී කාසියේ වාසිය දිනා අභියෝගාත්මක ලකුණු පුවරුව නිර්මාණය කිරීමේ වගකීම කොදෙව්වන් ලබාගත්තා.

ඔවුන් කඩුලු 08ක් දැවී පන්දුවාර 20 අවසානයේ ලකුණු 162ක් ලබා ගත්තා.

කොදෙව්වන්ගෙන් ලද අභියෝගාත්මක ලකුණු පුවරුව හඹා යෑම ආරම්භ කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී මේ වනවිට ලකුණු 118ක් ලබා සිටිනවා.

එහිදී කුසල් මෙන්ඩිස් පන්දු 37ක් වැය කරමින් ජාත්‍යන්තර පන්දුවාර 20-20 පිටියේ සිය 15 වැනි අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වුණා.

ඊට දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර 03ක් ඇතුළත්.

පළමු කඩුල්ල ලෙස දැවී ගිය පැතුම් නිස්සංක ලකුණු 39ක් ලබා ගත්තා.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සමග පිටියේ රැඳී සිටින්නේ කුසල් පෙරේරා වන අතර ඔහු නොදැවී පන්දු 21කදී ලබා සිටින ලකුණු සංඛ්‍යාව ලකුණු 25ක්.

පළමු කඩුල්ල දවා ගැනීමේ කොදෙව් ගෞරවය හිමිවන්නේ ගුඩකේෂ් මොටී හටයි.

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 09කට පන්දු 40කදී ලකුණු 45ක් අවශ්‍යව තිබෙනවා.

මෙම තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් කොදෙව්වන්ට එරෙහිව සිය මව්බිමේදී පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක් ජයගත් සිව්වැනි අවස්ථාව ද මෙය වන අතර ඔවුන්ට එරෙහිව මුහුණ දුන් තරග 18න් 10කම ජය එවිට හිමිකරගනු ඇත්තේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45
Video thumbnail
විදේශිකයන් රැගත් වෑන් එකක් ග්‍රෙගරි වැව අසළ සිදුවූ බිහිසුණු අනතුර
01:09
Video thumbnail
අජිත්ගෙන් ලාල් කාන්තට සැර සත්තමක්.."කිසිම සමාවක් දෙන්න බැරි පහත් විවේචනයක් කළේ"
06:53


?