AFC Banner
Empty Ad
Empty Ad

කුසල්-නිරෝෂන් සහ ධනුෂ්ක නැවත කණ්ඩායමට කැඳවන්න

දැනට තරග තහනමක් පනවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනා නැවත ජාතික කණ්ඩායමට කැඳවීම පිළිබඳව සලකා බලන ලෙස සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගෙන් අද ඉල්ලීමක් කරනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මගේ ප්‍රශ්නය ක්‍රිකට් තහනමට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධයෙන්. පහුගිය ලෝක කුසලාන තරගාවලිය දැක්කොත් අපේ ආරම්භක පිතිකරුවන්ට දස්කම් දක්වන්න බැරි වුණා. මේ සඳහා ක්‍රීඩා ඇමැතිවරයා එකඟ වනු ඇතැයි මට විශ්වාසයි. අපිට තරගයේ සාර්ථක ආරම්භයක් ලබාගන්න බැරි වුණා. අපේ ආරම්භක පිතිකරුවන් පළමු ඕවර දෙක තුළදී දැවී ගියහ.තහනම් වූ ක්‍රිකට් ක්‍රීඩකයෝ හොඳ දස්කම් දක්වති. 2022 දී තවත් ලෝක කුසලාන තරගාවලියකට මුහුණ දීමට සිදුවන නිසා මේ තහනම් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ගැන සලකා බලන්න පුළුවන් නම් හොඳයි”

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ ඇමතිවරයා කියා සිටියේ විනය සම්බන්ධයෙන් වන කාරණාව මුලික කරගෙන මෙම තහනම පනවා ඇති බවයි.

“විනය ක්‍රියාමාර්ගය හරියට අනුගමනය නොකිරීම නිසා ඔබේම දේශපාලන පක්ෂයට සිදු වූ දේ ඔබට තේරෙනවා. අපේ ක්‍රිකට් කණ්ඩායමට එහෙම වෙන්න දෙන්න බෑ. අපි විනය පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලනය විසින් කමිටුවක් පත් කර ඇති අතර එය මේ වනවිට ඒ සම්බන්ධයෙන් වන කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තියෙනවා. දේශීය තරග තහනම අවසන් වූ පසු ඔවුන්ට ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට සහභාගි විය හැකිය. ඔවුන්ට වසරකින් පසුව ජාත්‍යන්තර තරගාවලි සඳහා ඉදිරිපත් විය හැකියි” අමාත්‍ය නාමල් රාජපක්ෂ පැහැදිලි කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක මේ වසර මුලදී එංගලන්ත සංචාරයේ යෙදී සිටියදී නිරෝධායන සීමාවන් උල්ලංඝනය කළ බවට අනාවරණය වීම හේතුවෙන් ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් තරග තහනමක් පනවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
110
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?