AFC Banner
Empty Ad
Empty Ad

කුසල්, දික්වැල්ල සහ ධනුෂ්ක ශාරිර යෝග්‍යතා පරීක්ෂණයට කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩකයින් සඳහා මෙවර පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ද කැඳවා තිබෙනවා.

එංගලන්ත තරග සංචාරයක් අතරතුර “ජෛව බුබුළ” උල්ලංඝනය කරමින් විනය විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව පසුගියදා චෝදනා එල්ල වුණා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවුණා. එහිදී එක් ක්‍රීඩකයෙක් ට රුපියල් මිලියන 10 බැගින් දඩයක්, සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා වසරක් තහනමක් සහ දේශීය තරග සඳහා 6 මසක තහනමක් පැනවූවා.

එම වසරක තහනම නිමවීමෙන් අනතුරුව ක්‍රීඩකයින් තිදෙනාටම තවත් වසරක් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩාකිරීම තහනම් කෙරෙන අතර එම තහනම වසර දෙකක් සඳහා අත්හිටුවනු ලැබෙන බවද වාර්තා වුණා.

කෙසේ වුවත් පනවා ඇති එම තරග තහනම අතරතුර මෙලෙස එම ක්‍රීඩකයින් තිදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට කැඳවා ඇති බව වාර්තා වුයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?