කුෂ් කිලෝ 46කට අධික තොගයක් මෙරටට ගෙනා චාලට් ආයෙත් රිමාන්ඩ්

ශ්‍රී ලංකා ගුවන් තොටුපොළේදී කුෂ් කිලෝ 46යි ග්‍රැම් 60ක් අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික 21 හැවිරිදි කාන්තාව තවදුරටත් ලබන ජුනි 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කළා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, මීගමුව බන්ධනාගාරය මගින් මීගමුව මහෙස්ත්‍රාත් අංක 02 අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී අතිරේක මහේස්ත්‍රාත්වරිය එම නියෝගය අද (13) නිකුත් කළ බවයි.

විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ පනතේ අංක 54 (A) යටතේ ආනයනය කිරිම, ජාවරාම් කිරිම, සන්තක තබා ගැනීම යන චෝදනා යටතේ වැඩිදුර වාර්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ පොලිස් කොස්තාපල් ඩි.එම්.එස් කුමාර මහතා විසින් ඉදිරිපත් කෙරුණා.

නඩුව කැඳවු අවස්ථාවේ දී මත්ද්‍රව්‍ය නාශක දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ අත්අඩංගුවට ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගය ජුනි 11 වැනිදා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යොමු කළ බවත් එම වාර්තා ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කරන බවත් ය.

එමෙන්ම සැකකාර බ්‍රිතාන්‍යය ජාතික කාන්තාවගේ ජංගම දුරකථනය වැඩිදුරටත් විමර්ශනය කිරිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බව ද සඳහන් කළා.

එහිදී එය නඩු භාණ්ඩ කාමරයේ තැන්පත් කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

එමෙන්ම ඉදිරි විමර්ශන ප්‍රගතිය අධිකරණට ඉදිරිපත් කරන ලෙස එම නිලධාරීන්ට නියෝග කිරීමක් ද සිදු කළා.

එහිදි චාලට් මේලී නම් වු එම විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සම්පත් පෙරේරා මහතා සඳහන් කළේ එකී ජංගම දුරකථනයේ කවරයේ ඇති ඡායාරූපය ඇය ඉතා වටිනා මතකයක් බැවින් එය ලබා දීමට කටයුතු සලසා දෙන ලෙසයි.

එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාශයට කළේ ඒ පිළිබඳව සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙසයි.

එමෙන්ම නීතිඥ සම්පත් පෙරේරා මහතා කරුණු දක්වමින් සඳහන් කළේ සැකකාරියගේ පෙර වැරදි සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරිමටත් ඇය මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති ද යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයට නියෝගයක් කරන ලෙසයි.

ඒ අනුව අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයට නියෝග කළේ එකී වාර්තා සොයා බලා ඉදිරිපත් කරන ලෙසයි.

දම් පැහැති ගවුමකින් සැරසි සිටි ඇයව මීගමුව බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් තිබුණා.

සැකකාරිය වෙනුවෙන් නීතිඥ සම්පත් පෙරේරා, නීතිඥ ගයාන් කලටුවාව, නීතිඥ ඒෂාන් සඳුන්ගහවත්ත, නීතිඥ මහිෂා මුදුගමුව යන නීතිඥවරු පෙනී සිටියා.

දකුණු ලන්ඩනයේ සිට පැමිණි 21 හැවිරිදි චාලට් මේලී මේ මස මුල දී රට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ බවට රේගු නිලධාරීන් චෝදනා කරමින් මත්ද්‍රව්‍ය මළු සමඟ ඉකුත් මැයි 13 වැනිදා ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගත්තා.

හිටපු ගුවන් සේවිකාවක වන ඇය සඳහන් කළේ ඇගේ ගමන් මළුවල මත්ද්‍රව්‍ය ඇති බව දැන සිටීම ප්‍රතික්ෂේප කරන බවත් ඒවා කිසිවකු ඒ එහි තැන්පත් කර ඇති බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාළුවෙක් නුගේගොඩ නිවසක් දුන්නා අපිට..අපේ යාළුවෝ දන්නවා අපි කවුද කියලා
07:27
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අස්වැසුම ෆෝම් එකක් ඉල්ලන් එන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දැමූ කතරගම නිලධාරීන්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59


?