කුවේට් රාජ්‍යයේ සිපිරිගෙයි බත් කෑ ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට

කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait ) රඳවා තබා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනෙකු කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ මෙරටට භාරදීම සඳහා අද (26) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත එරට සිට විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබුණා.

කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම 2007 වසරේ දී අත්සන් තබා ඇති අතර, එම ගිවිසුම යටතේ ඉකුත් 2024 වසරේදීත් ශ්‍රී ලංකා සිරකරුවන් 32 දෙනෙකු පළමු වරට මෙරටට ගෙනැවිත් භාර දී තිබූ බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මෙවර කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි ශ්‍රී ලාංකික සිරකරුවන් කුවේට් රාජ්‍යය තුළ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සහ තවත් විවිධ චෝදනා මත එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු කර දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටි පිරිසක් බවත් වාර්තාවනවා.

මොවුන් කුවේට් ගුවන් හමුදාවට අයත් බෝයිං සී – 17 වර්ගයේ විශාලතම ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.

කුවේට් ගුවන් හමුදාවට අයත් කේ.එෆ්.සී.- 3207 දරන එම ගුවන් යානය අද දින දහවල් 11.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවත් වාර්තාවනවා.

මෙම ගුවන් යානය තුළ ශ්‍රී ලාංකික සිරකරුවන් සමග කුවේට් ආරක්ෂක නිලධාරීන් 50 දෙනෙකු පමණ පැමිණ සිටි අතර ඔවුන් සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය ද දිනක විවේකයක් සඳහා කොළඹ තරු පන්තියේ හෝටලයක් වෙත යොමු කර තිබුණා.

මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ සිරකරුවන් කොළඹ, වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ මේ වනවිට අවස්ථා දෙකකදී ශ්‍රී ලාංකික සිරකරුවන් 52 දෙනෙකු මෙරටට රැගෙන විත් භාර දී තිබුණ ද මෙරටින් කුවේට් රාජ්‍යය වෙත භාරදීම සඳහා කුවේට් ජාතික සිරකරුවන් කිසිවෙකු නොවීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?