කුවින්ටන් ඩී කොක් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට ආයුබෝවන් කියයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු මෙන්ම කඩුලු රකින ක්‍රීඩක කුවින්ටන් ඩී කොක් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඔහුගේ මෙම තීරණය දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය ද තහවුරු කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාකර තිබුණේ.

ඉන්දියාව සමඟ පැවැත්වෙන තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් පසු කුවින්ටන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව සමඟ පැවැත්වෙන මීළඟ ටෙස්ට් තරග දෙකට කුවින්ටන් ඩී කොක් සහභාගී වන්නේ නැහැ.

කුවින්ටන්ගේ බිරිඳ සාෂා ලබන සතියේ ඔවුන්ගේ පළමු දරුවා ප්‍රසූත කිරීමට සුදානමින් සිටින අතර සිය පවුලට ප්‍රමුඛස්ථානය ලබාදීමේ අරමුණින් ඔහු මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වුණේ.

ඕස්ට්‍ර්ලියාවට එරෙහිව 2014 වසැරේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගන්නා කුවින්ටන් ඩී කොක් ටෙස්ට් තරග 54 කදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 3300ක්.

වර්ණභේද වාදයට එරෙහිව දණ නැමීමට අකමැති වීම හේතුවෙන් කුවින්ටන් ඩී කොක් පිළිබඳව නිමා වූ 20-20 ලෝක කුසලාන තරගාවලියේ දී වැඩි වශයෙන් කතාබහට ලක්වුණා.

කෙසේ වෙතත් අවසානයේ දී වර්ණභේද වාදයට එරෙහිව දණ නැමීමට විස්සයි විස්ස ලෝක කුසලාන පිටියේ දී ඔහුට සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15