කුරුඳු ඉඩම උදුලු ගෑමට ආ පුද්ගලයාට අවසානාවන්ත ඉරණමක් අත්වෙයි

කරන්දෙණිය ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම පුද්ගලයාගේ මළ සිරුර උණගස්වල ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී සොයා ගැනුණු බවයි.

මෙම පුද්ගලයා ඊයේ (21) දිනයේ දී එම ඉඩමට පැමිණ ඇත්තේ කුරුඳු ඉඩම සුද්ද පවිත්‍ර කර උදුලු ගෑමට බවත් වාර්තා වනවා.

අදාළ කුරුඳු ඉඩම තුසයහකුරු ෂරෝකා නමැත්තෙකුගේ බවයි හෙළි ව ඇත්තේ.

ඔහු පැමිණ මළසිරුර හඳුනාගෙන ඇති අතර; පොලිසියට ලබාදුන් කට උත්තරයේ සඳහන් ව ඇත්තේ මෙම මියගිය තැනැත්තා ඊයේ දිනයේ දී සිය කුරුඳු ඉඩම උදුලු ගෑමට පැමිණි අයෙක් බවයි.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් ද පැමිණ සිරුර හඳුනාගෙන ඇති අතර; ඔහු කරන්දෙණිය – අනුරුද්ධගම පදිංචි අයෙක් බවත් හෙළි ව තිබෙනවා.

මෙම පුද්ගලයාගේ හිසෙහි සහ අත්වල තුවාල දක්නට ලැබෙන බවත්; පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48