කුරුණෑගල, පහළ ගැට්ටුවාන දුම්රිය හරස් මාර්ගයේ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අද (25) පෙරවරුවේ අනතුරක් සිදුව තිබුණා.
මෙම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබූ බවයි වාර්තා වුණේ.
අනතුර හේතුවෙන් තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියට බාධා එල්ල වී තිබුණා.
දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබූ අතර, අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට එල්ල වී තිබූ බාධාව මේ වනවිට ඉවත්කර ඇති බවයි කුරුණෑගල දුම්රිය ස්ථානය පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
2
+1
1
+1
+1





