AFC Banner
Empty Ad
Empty Ad

කුඹුර රැකීමට ගිය සිව්දරු පියා නො එන ගමන් ගිහිං

වනඅලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (04) අලුයම් කාලයේ දී මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ මොරගහකන්ද මහවැලි කලාපයට අයත් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 505, කෝට්ටපිටිය, නිකපිටිය ගම්මානයේ දී බවයි වාර්තා වන්නේ.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මරණකරු කුඹුර ආරක්ෂා කිරීමේ කටයුතු සඳහා පෙර දින (03) රාත්‍රියේ දී ගොස් ඇති අතර එහිදී මෙම වන අලි පහරදීමට ලක් ව ඇති බවයි.

වන අලි පහරදීමෙන් මියගොස් ඇත්තේ 72 හැවිරිදි සිව්දරු පියෙක්.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට පැමිණෙන වනඅලි වසර ගණනාවක් තිස්සේ මෙම ගම්මානවලට මහත් තර්ජනයක් වී ඇති අතර මීට පෙර මෙම ගම්මානයේ ම 08 දෙනෙකුට වැඩි පිරිසක් වනඅලි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු රැඳී සිටි පැළක් වන් අට්ටාලය ද වන අලියා පහර දී කඩා තිබෙනවා.

අංගමැඩිල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට වන අලි තර්ජනය පිළිබඳ ව කොතෙකුත් පැමිණිලි සිදු කළ ද ප්‍රයෝජනයක් නොවූ බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු බකමූණ පොලිසිය මගින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?