කුමාර ධර්මසේන ඇතුළු 12ක් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝග

පින්නතැන්න ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ සභාපති කුමාර ධර්මසේන, ඔහුගේ බිරිය හා එහි අධ්‍යක්‍ෂවරුන් ඇතුළු 12 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ, ඔවුන් නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි නිවසකට ගිනි අවි අතැතිව ඇතුළුවී එහි පදිංචි පුද්ගලයන්ට තර්ජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධව ඇසෙන්ට් ඉන්ටර් නැෂනල් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මාලිංග ප්‍රනාන්දු අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බලමින්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කුමාර ධර්මසේන ඇතුළු වගඋත්තරකරුවන් 12 දෙනෙකුට ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පසුගිය නඩු වාරයේදී අධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබුණා.

කෙසේ නමුත් කුමාර ධර්මසේන විදේශගතව සිටීම හේතුවෙන් ඔහු හැර සෙසු වගඋත්තරකරුවන් ඊයේ අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිවසේ පදිංචිකරුවන් වෙනුවෙන් එහි රියැදුරු පසුගිය අගෝස්තු මස 17 වනදා නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කර ඇති නමුත් පොලිසිය ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු කර නොමැති බවයි වාර්තා වන්නේ.

පැමිණිලි පාර්ශවය එම පැමිණිල්ල සිදුකර මාසයකුත් දින තුනක් ගත වූ පසුව මෙම සිද්ධියේ වගඋත්තරකාර පාර්ශවය ද මේ සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් මස 19 වන දින පොලිසිය හමුවේ පැමිණිල්ලක් කර ඇති බව ද පැමිණිලිකාර පාර්ශවය ඉකුත් 17 දින කර තිබූ පැමිණිල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කර නොමැති පොලිසිය මෙම සිද්ධියේ වගඋත්තරකාර පාර්ශවය කළ පැමිණිල්ල පිළිබඳව පමණක් විමර්ශනය කර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසිය සිය වගකීම පැහැර හැර ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

පැමිණිලි පාර්ශවය මුලින් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු නොකර වගඋත්තරකාර පාර්ශවය ඉන් මාසයකුත් දවස් තුනකට පසුව කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පමණක් විමර්ශනය සිදු කළේ කුමන හේතුවක් නිසා ද යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරයා නාරාහේන්පිට පොලිසියෙන් විමසා තිබෙනවා.

එම අවස්ථාවේදී, නාරාහේන්පිට ස්ථානාධිපතිවරයා හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ, තම පොලිස් ස්ථානය කිසිදු පාර්ශවයකට පක්ෂපාතීත්වයකින් කටයුතු නොකළ බවත් දෙපාර්ශවයක් අතර තිබුණ පැමිණිලි කිහිපයක් නිසා විධිමත් විමර්ශනයක් සිදුකිරීමට කිසියම් කාලයක් ගතවූ බවයි.

එමෙන්ම මෙම විමර්ශනයේදී අනාවරණය වන ඕනෑම පුද්ගලයෙකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට තම පොලිස් ස්ථානය කටයුතු කරන බව ද නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපතිවරයා හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
14
+1
80
+1
26
+1
10
+1
20
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07