කුප්‍රකට අපරාධ කල්ලි සාමාජික ‘මන්නා රමේෂ්’ අල්ලන්න රතු වරෙන්තු

අපරාධ රැසක් සිදුකර මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කුප්‍රකට අපරාධ කල්ලි සාමාජික ‘මන්නා රමේෂ්’ නැමැත්තා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙත්තු ලබාගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

මොහු ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මේ වනවිටත් මෙරට අපරාධ මෙහෙයවන බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව ඔහු මේ වනවිට සිදුකර ඇති මිනිස් ඝාතන, කප්පම්ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවකට අදාළ තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා ජාත්‍යන්තර පොලීසිය වෙත දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.

අවිස්සාවේල්ල, රත්නපුර ඇතුළු ප්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ලකරමින් මන්නා රමේෂ් ඔවුන්ගෙන් විශාල වශයෙන් කප්පම් ලබාගැනීම සිදුකරන බවයි පොලීසිය පවසන්නේ.

මේ අතර පසුගිය දා අවිස්සාවේල්ල – තල්දුව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක යමින් සිටි හතරදෙනෙක්‌ට වෙඩි තබා ඉන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් විසින් මෙහෙයවා ඇති බවයි අනාවරණය වුණේ.

එම සිද්ධියෙන් පසුව මෙම කුප්‍රකට අපරාධ කල්ලි සාමාජිකයා ගැන සමාජයේ කතාබහක් මතුව ආවා.

මෙම ද්විත්ව ඝාතනයෙන් පසු එම අපරාධය සිදුකළ මන්නා රමේෂ්ගේ කල්ලියේ ප්‍රධානම ගෝලයා වූ තල්දුවේ මහේෂ් නමැත්තා අත්අඩංගුවට ගෙන සිටිය දී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුණා.

ඊට කෝපයට පත් මන්නා රමේෂ් අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දුරකථන ඇමතුමක් මඟින් මරණිය තර්ජන සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58