කුප්‍රකට අපරාධ කල්ලි සාමාජික ‘මන්නා රමේෂ්’ අල්ලන්න රතු වරෙන්තු

අපරාධ රැසක් සිදුකර මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කුප්‍රකට අපරාධ කල්ලි සාමාජික ‘මන්නා රමේෂ්’ නැමැත්තා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙත්තු ලබාගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

මොහු ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මේ වනවිටත් මෙරට අපරාධ මෙහෙයවන බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව ඔහු මේ වනවිට සිදුකර ඇති මිනිස් ඝාතන, කප්පම්ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවකට අදාළ තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා ජාත්‍යන්තර පොලීසිය වෙත දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.

අවිස්සාවේල්ල, රත්නපුර ඇතුළු ප්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ලකරමින් මන්නා රමේෂ් ඔවුන්ගෙන් විශාල වශයෙන් කප්පම් ලබාගැනීම සිදුකරන බවයි පොලීසිය පවසන්නේ.

මේ අතර පසුගිය දා අවිස්සාවේල්ල – තල්දුව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක යමින් සිටි හතරදෙනෙක්‌ට වෙඩි තබා ඉන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් විසින් මෙහෙයවා ඇති බවයි අනාවරණය වුණේ.

එම සිද්ධියෙන් පසුව මෙම කුප්‍රකට අපරාධ කල්ලි සාමාජිකයා ගැන සමාජයේ කතාබහක් මතුව ආවා.

මෙම ද්විත්ව ඝාතනයෙන් පසු එම අපරාධය සිදුකළ මන්නා රමේෂ්ගේ කල්ලියේ ප්‍රධානම ගෝලයා වූ තල්දුවේ මහේෂ් නමැත්තා අත්අඩංගුවට ගෙන සිටිය දී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුණා.

ඊට කෝපයට පත් මන්නා රමේෂ් අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දුරකථන ඇමතුමක් මඟින් මරණිය තර්ජන සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?